කලාසූරී අරීසෙන් අහුබුදුවෝ, කීර්තිමත් ලේඛකයෙකි, දේශකයෙකි, භාෂා විශාරදයෙකි, සිංහල ගී පබඳුවෙකි, කවියෙකි, ගත්කතුවරයෙකි. එ මෙන් ම තෙ වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද, ශී‍්‍ර ලංකා රජයෙන් කලාසූරී ගෞරව නාමය ද, හොඳ ම සලරූ (චිත්‍රපට) ගී පැබැඳුම සඳහා සරසවි සම්මානය ද ලබා ඇත. අලූත උපන් බිලිඳුනට නම් දීමෙහි ලා නවතම මඟක් හෙළි කළ හ. රාජ්‍ය ආයතන, බැංකු, මාධ්‍ය ආයතන, පුවත්පත්, වෙළෙඳ සංවිධාන ආදියට ද එ තුමන් විසින් නම් තබනු ලැබ ඇත. වැඩි දුර තොරතුරු සඳහා www.ahubudu.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
අහුබුදුවන් ගේ දියණියන් වන සමන්ති අහුබුදු සිය පියාණන් ගේ මෙහෙවර ඉදිරියට ගෙන යමින්, අහුබුදු ක්‍රමය අනුව දරුවන්ට ද ආයතනවලට ද නම් තැබීමේ කාර්යය අඛණ්ඩ ව සිදු කරගෙන යයි.